මහා පිපිරුමට පෙර සිදු වූයේ කුමක්ද..?

5:14:00 PM Sachitha Viraj 0 Comments

අද අපි ඔයාලට ගෙනාවේ මෙතෙක් ලෝකයේ නවීන තාක්ෂණයෙන් පවා තවමත් සොයාගැනිමට නොහැකි වූ භෞතික විද්‍යාවේ පවතින අභිරහසක් ගැන...එහෙනම් විස්තරේ බලන්නකෝ..




"මානව ඉතිහාසය පුරා තමා ජීවත් වන පරිසරය තුළ සිදු වූ විවිධ සංසිද්ධින් මිනිසා පුදුමයට පත් කළා.නූතන විද්‍යවේ දියුණුවත් සමඟ මෙබදු විස්මය දනවන ගැටලු සහගත සංසිද්ධි බොහොමයකට පිළිතුරු ,පැහැදිලි කිරීම් සපයන්නට විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා.මෙහි පෙරමුණ ගන්නේ භෞතික විද්‍යාඥයන් ,නමුත් තවමත් අප වටා විශ්වයේ ඇති සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීගන්නට ඔවුන්ට හැකි වී නැහැ,විශ්වයේ ඇරඹුම සිදු වූයේ කෙලෙසද,පදාර්ථවල අද්භූත හැසිරීම් රටවල රහස කුමක්දැයි යන්න වැනි බොහෝ කාරණා තවමත් පවතින්නේ විද්‍යාවෙන් නිශ්චිත ව නොවිසඳුණු ගොනුව තුළයි ...'
***මහා පිපිරුමට පෙර සිදු වූයේ කුමක්ද..??***
විශ්වයේ ඇරඹුම ගැන දැනට අපට ඇති හොදම ප්‍රවාද ය වන මහා පිපුරුම් වාදයේ කියැවෙන්නේ අදින් වසරබිලියන 13.8 කට පෙර විශ්වය හදිස්සියේ පිපිරීමක් ලෙස පැනනැගුණු බවයි.එතැන් පටන් එය අඛන්ඩව ප්‍රසාරණය වනවා.අයිස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදයෙන් මතු වුණු කාලය ,අවකාශය හා ගුරුත්වය පිළිබඳ මනා අවබෝධය හරහා විශ්වයේ ඇරඹුම දක්වා කරුණු පෙලගස්වන්නට තාරකා විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා..,නමුත් ඉන් එහාට සිදු වූයේ කුමක්ද යන්න ගැන පවසන්නට ඔවුන් සමත් නැහැ,ඊට හේතුව ආදී විශ්වයේ තිබුණු අත්‍යන්ත තත්ත්වයන් පැහැදිලි කළ හැක්කේ ක්වොන්ටම් විද්‍යාවෙන් පමණක් වීමයි.මේ දෙක සම්බන්ද කල හැකි ආකාරයක් පිළිබඳව තවමත් කිසිවෙකු සොයාගෙන ඇත්තේ නැහැ,
"අප දන්නා භෞතික විද්‍යාත්මක නියමයක් මේ විශ්වයේ බිහි වීමේ ආරම්භක ලක්ෂ්‍යයේ දී වලංගු වන්නේ නැහැ.එහි සිදුවන කිසිවක් අපට තර්කගෝචර නැහැ ,"
එසේ පවසන්නේ ලන්ඩනයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ කර්ලෝ කොන්ටල්ඩ්.
කාලය මහා පිපිරුම සමග ඇරඹුනා ද? එසේත් නැත්නම් මහා පිපිරුමට පෙර ආදී යුගයක් තිබිණි ද? අපගේ විශ්වයේ හි ඇරඹුම පිළිබඳ ඇති ප්‍රධාන ගැටලුව මෙයයි.
සමහර දෙනා විශ්වාස කරන්නෙ අප කාලය ,ආපස්සට ධාවනය කළහොත් එය මහා පිපිරුමේදී නවතිනු ඇති බවයි,කෙසේ නමුත් කැනඩාවේ වොටර්ලූහි සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ වන ආයතනයේ ලී ස්මෝලින් දරන්නේ ඊට වෙනස් මතයක්...,
" කාලය මහා පිපිරීමෙන් ඇරඹුනා යැයි කීම ලස්සන අදහසක් ,නමුත් එයට එතරම් සාක්ෂි නැහැ," ඔහු පවසනවා .ඔහු පෙන්වා දෙන්නේ අප එම අදහස සම්පූර්ණයෙන්ම අතහැර දැමියයුතු බවයි..අද පවතින විශ්වය පිළිබද තෘප්තිමත් පැහැදිලි කිරීමක් කරගැනීමට නම් හේතුඵල මූලධර්මයට අනුව මහාපිපිරුමට පෙර යමක් පැවතිය යුතු බව ඔහු අවධාරණය කරනවා.
මෙබදු සංසිද්ධිය කට එක් විකල්පයක් වන්නේ පොලාපැනුම් වාදයයි..,එහි දී මහා පිපිරුමක් වෙනුවට පොලාපැනුමක් (bounce ) සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.එයට අනුව අපේ විශ්වයේ ආරම්භ යේ තිබෙන්නට ඇතැයි සැලකෙන අධික උණුසුම් ඝන ද්‍රාවණය ,පැරැණි විශ්වයක අවසානය නිසා හටගත්තක් යැයි සැලකෙනවා.
විශ්වයේ ඇරඹුමට පෙර තවත් විශ්වයක් තිබුණේ යැයි පිළිගැනීම ,විශ්වය ජීවයට උචිත අන්දමේ දුර්ලභ පෙළගැසුමකට ලක් වූයේ කෙසේ දැයි යන්න පැහැදිලි කරනවා.එසේ නොවේ නම් සලකන්නට වන්නේ අප ජීවත් වන විශ්වය වෙනත් විශ්ව අනන්ත සංඛ්‍යාවකින් එකක් එකක් පමණක් බවයි.ජීවයට නුසුදුසු විය හැකි අතිශය වෙනස් මේ විශ්වයන් අතරින් අප අපගේ විශ්වය වැදගත් යැයි සලකන්නේ අප එහි ජීවත් වන නිසා පමණක් විය හැකියි...
සමහර විට මහා පිපිරුම තවත් මහා පිපිරුම් ගණනාවක් අතරින් එකක් විය හැකියි.සාගරයේ රැළි මත පෙන බුබුළු පැනනගින්නාක් මෙන් අපේ විශ්වයද විශ්ව සාගරයක් තුළ පැනනැගුණු එක් බුබුලක් පමණක් විය හැකි බවද සමහරු විශ්වාස කරනවා...,
අපට සැබැවින්ම මේ පැනයට පිළිතුරු සොයා ගත හැකි වේවිද?
ස්මෝලින් සිතන අන්දමට පැරණි විශ්වය මගින් පිට කළ විකිරණ අන්තරීක්ෂ පසුබිම් විකිරණ තුළදී අපට සොයාගන්නට හැකි වනු ඇති..
එහෙත් කොන්ටැල්ඩ් පෙන්වා දෙන්නේ කාලය පිළිබඳ නව අවබෝධයක් ඇති කරලීමට සමත් ක්වොන්ටම් ගුරුත්වය පිළිබඳ ක්‍රියාකාරී ප්‍රවාදයක් මේ සදහා අපට ඕනෑ කර ඇති බවයි....
"මම හිතන්නේ අපට තවමත් මේ ප්‍රශ්නය නිවැරැදි ව අසාගන්නවත් තරම් නිවැරැදි දැනුමක් නැහැ " ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා...,
මූලාශ්‍ර - අධ්‍යාපන සගරාවකිනි.

ඉතින් ඔයාලට මේ ගැන වැඩිදුර විස්තර මේ වෙබ් අඩවි මගින් ලබාගන්න පුළුවන් ..

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya