2016 Quadrantids උල්කාපාත වර්ශාව

4:24:00 PM max 0 Comments

2016 නව වසරේ පලමු උල්කාපාත වර්ශාව වන Quadrantids උල්කාපාත වර්ශාව වේ.මෙය සාමාන්‍ය මට්ටමේ උල්කාපාත වර්ශාවක් වන අතර පැයකට උල්කා 40ක් පමණ දැකගත හැක.මෙම උල්කාපාත වර්ශාවට හේතු වන්නේ 2003 EH1 නම් ග්‍රහකය මගින් අභ්‍යවකාශයේ ඉතිරි කර ගිය අවශේෂයි.ජනවාරි 4 වනදා අළුයම කාලයේදී වසර සිය ගණනක් තිස්සේ සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතින මේ කුඩා අංශු පැයට මීටර 90 000 ක පමණ වේගයෙන් පෘතුවි පෘෂ්ඨයට සැතපුම් 50ක් පමණ ඉහළ වායුගෝලයේ ගැටී ගිනිගෙන දැවෙමින් පෘතුවියට කඩා වැටී සිය දීර්ඝ ගමන නිමා කරනු ඇති.Quadrantids උල්කාපාත වර්ශාවට මේ නම ලැබී ඇත්තේ 1705 දී පමණ ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකු වන Jerome Lalande විසින් හඳුන්වාදෙනු ලැබූ දැනට භාවිතයේ නැති Quadrans Muralis නම් තාරකා රාශිය ඇසුරිනි.එයින් පැරණි තාරකා විද්‍යාත්මක උපකරණයක් නිරූපණය වන අතර එය බූටස් සහ ඩ්‍රාකෝ තාරකා රාශි අතර පිහිටයි.මෙම තාරකා රාශිය ප්‍රථම වරට නිරීක්ෂනය කලේ 1825 වසරේ වන අතර මෙවර එය උතුරු අර්ධගෝලයට පමණක් මධ්‍යම රාත්‍රියෙන් පසුව ඊසානදිග අහසේ දැකගත හැක.

The Quadrantid Meteor Shower 2016

The Quadrantid meteor shower peaks in the early morning of January 4, 2016. During this brief but occasionally intense meteor shower Slooh will present a live broadcast in conjunction with multiple partner sites. During this live show, we present wide-angle views of the night sky as we watch for Quadrantid meteors.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya