අඟහරු ග්‍රහයා තුල අල වගා කිරිම

3:12:00 PM max 0 Comments

අඟහරු ග්‍රහයා තුල පවතින පරිසර තත්වයන්ට සමාන පරිසරයක අල වැවීම සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයින් සූදානම් වන බව වාර්තා වේ.
පේරු රාජ්‍යයේ පිහිටා ඇති Pampas de La Joya කාන්තාරයෙන් හමුවන අඟහරු ග්‍රහයාගේ හමුවන පස් වලට බෙහෙවින් සමාන පස් යොදාගනිමින් සහ විද්‍යාගාරයක් තුල අඟහරු ග්‍රහයා තුල පවතින පරිසර තත්වයන් නිර්මාණය කරමින් ඔවුන් මෙම පර්යෙෂණ සිදු කිරීමට නියමිත වේ.
අනෙකුත් ග්‍රහලෝක මත මිනිස් වාසස්ථාන පිහිටුවහොත් ඒවා මත ඔවුන්ට වගා කළ හැකිද යන්න හඳුනාගැනීමටද ඔවුන් පර්යේෂණ සිදුකිරීමට නියමිත බව පැවසේ.
ඊට අමතරව පෘථිවිය මතද දරුණු කාළගුණික තත්වයන් මත වගා කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් පර්යේෂණ සිදුකිරීමට සූදානම් වෙයි.
ජාත්‍යන්තර අල මධ්‍යස්ථානය සමඟ එක්වූ නාසා ආයතනය මෙම පර්යේෂණ සිදුකරන්නේ අඟහරු ග්‍රහයා මත ඉදිකරන පරිසර තත්වයන් පාලනය කරන ලද කුටීරයක් තුල අල වගා කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya