රිටිගල කන්දට පිටසක්වල යානාවක්
ලෝකය තාක්ෂණික වශයෙන් දියුණු වෙමින් නව සොයා ගැනීම් සිදු කරමින් වේගවත් ගමනකින් ඉදිරියට යමින් සිටියද තවමත් හරිහැටි විසදා ගත නොහැකි, තේරුම් ගත නොහැකි ඇතැම් සිදු වීම් ඉදහිට අපට අසන්නට දකින්නට ලැබේ.
අද්භූත එළි,අද්භූත යානා,පිටසක්වල ජීවීන් ආදිය පිළිබද විවිධ තොරතුරු ඇසෙත්ම අප සිත් කිළිපොලා යන්නේ එවන් දේ අපට නුහුරු නුපුරුදු අත්දැකීම් නිසාවෙනි.මෙවැනි අද්භූත දෑ පිළිබද විවිධ පුවත් ලංකාව තුළද විවිධ පදේශ කේන්ද්‍ර කරගනිමින් යම් යම් කාල වලදි ඉස්මතු වන්නේ ඒ පිළිබද අප සිත් තුළ ඇති කුහුල තවත් වැඩි කරවයි.එවැනි අලුත්ම සිදු වීමක් අපට වාර්තා වන්නේ රජරට උතුරු මැද තැනිතලාවේ පිහිටි උස්ම ස්ථානය වන රිටිගල කදු ප්රදේශයිනි.
පෞරාණික වශයෙන් වැදගත් කමක් සහිත මෙම ප්‍රදේශයෙන් හදුනා නොගත් ආලෝක ධාරාවක් නිකුත් කරමින් කිසියම් අද්භූත වස්තුවක් අහසේ ගමන් කිරීම පිළිබද ආසන්නතම සිදුවිමක් ඉකුත් සැප්තැමිබර් 23 වෙනිදා අපට අසන්නට ලැබුණී.
ඉහත කි රිටිගල කදු වැටියට ඉහළ අහසේ මුරියාකඩවල,හොරුවිල,ගණේවල්පොල පදේශ වල පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම දුර්ලභ දර්ශනය දැකි ඇති බව අපට වාර්තා වේ.
මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙකු වන අනුරාධපුර ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෙකු වන ඒ.එම්. පේමසිරි මහතා එදින 23 දඹුල්ලේ සිට අනුරාධපුරයට පැමිණෙමින් සිටියදි රාත්‍රී 10.30 ට පමණ තම ශරීර අවශ්‍යතාවයක් සදහා මරදන්කඩවලදි ලොරි රථය නවතා එළියට බැසගත් අවස්ථාවේදි අහස දෙස බලන විට ආලෝකය විහිදුවමින් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට එනම් රිටිගල කදු වැටිය දෙසට ශබ්දයක් නොමැතිව කිසියම් වසුතුවක් ගමන් කරන අයුරු දැක ඇත.
ඒ අතරම මෙම සිදු වීමම මුරියාකඩවල කේ.බී. කුමාරසිරි මහතාද දැක ඇත.එම මහතා ප්‍රකාශ කර සිටින පරිදි වෙළදාම් කටයුතු සදහා සිය වාහනයෙන් හබරණ සිට භාණ්ඩ රැගෙන නැවත පැමිණෙමින් සිටියදි 24 වන දින අලුයම 12.10 ට පමණ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට වාහනය නතර කල අවස්ථාවේ අහස දෙසින් නිල් පාට,කහ පාට එළියක් විහිදුවමින් රවුම් හැඩති රෝදයක් වැනි වස්තුවක් අහසේ ගමන් කරන අයුරු දැක තිබේ.ඔහු ක්ෂණිකව ඇමතුම විසන්ධි කර ජංගම දුරකතනයෙන් එම දර්ශනය ඡායාරූප ගත කළද එය කැමරාවට හසු වී නොමැත.පසුව ඔහු පාරේ ගමන් කල වාහන කිහිපයක්ද නතර කර ඔවුන්ටද එම දර්ශනය පෙන්වා ඇති අතර ඔවුන් ළග තිබු නවීන කැමරා මගින්ද එය ඡායාරූපයට හසු කර ගැනීමට උත්සහ කළද ඡායාරූප වල එම ආලෝකය සටහන් වී නොමැත
0 comments: