ජෙමිනිඩ්ස් තරු වැස්ස
උල්කාපාත වැසි අතර රජ්ජුරුවෝ වශයෙන් සැලකෙන "ජෙමිනිඩ්ස්" නම් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය තමයි අපි මේ ගත කරමින් යන්නේ. සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රිය වෙන මෙම උල්කාපාත වර්ෂාව මේ අවුරුද්දේ දෙසැම්බර් 13 වැනිදා රාත්‍රියේ සහ 14 දින අලුයම වෙද්දී උපරිමයට ළඟා වෙන්න නියමිතයි. ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙක් උල්කාපාත වැසිවලදී වැටෙන උල්කාපාතවලට වඩා විශාල සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා තාරකා විද්‍යා ලෝලීන් අතර මේ ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා.මේ උල්කාපාත වර්ෂාව උපරිම අවස්ථාවට ළඟා වෙන දෙසැම්බර් 13 සහ 14 රාත්රියේදී විවිධ වර්ණවලින් යුක්ත උල්කා 120ක් පමණ එක් පැයකදී කඩා වැටෙනු දැක බලා ගන්නත් පුළුවන්. අපි දකින බොහෝ උල්කාපාත වර්ෂාවන්ට හේතුකාරකය වෙන්නේ වල්ගා තරුයි. නමුත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව නිර්මාණය වෙන්නේ 3,200 නම් වූ ග්රහකයත් සමඟ ඇදී එන සුන්බුන්වලින් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ජෙමිනිඩ්ස් කියන නම සඳහන් වෙන ආකාරයටම මෙම උල්කාපාත වර්ෂාව දිස් වෙන්නේ මිථුන රාශියේ සිට අහස පුරා විහිදී යන ආකාරයටයි. අහසේ දකුණු දිශාවට බරව තරමක් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වන අතරම ශ්‍රී ලංකාව අයත් වන උතුරු අර්ධ ගෝලයට අඳුර වැටෙද්දීම මේවා අපිට දැක බලා ගන්නට පුළුවන් කියලත් සඳහන් වෙනවා.
මෙවර දෙසැම්බර් 13 සහ 14 දිනයන්වල චන්ද්‍රයා අටවක තත්ත්වයට ආසන්නයේ පසුවන නිසා මෙම උල්කාපාතවල දීප්තිය දැක ගැනීම තරමක් දුරකට අපහසු වුණත් ජෙමිනිඩ්ස් උල්කාපාත දීප්තිමත් භාවයේ තීව්‍රතාව නිසා ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැති බවත් විස්තරවල සඳහන් වෙනවා. අහස වලාකුළුවලින් පිරිලා තිබුණොත් ජෙමිනිඩ්ස් දකින්න ලැබෙන්නේ තවත් වසරකට පසුව බව අමතක කරන්නත් එපා. විදුලි එළිය පහන් කණු ගොඩනැඟිලි ආදිය අවම ස්ථානයක සිට ඕනෑම කෙනකුට පියවි ඇසින් මෙය දැක බලා ගන්න පුළුවන්. මේක බලන්න කිසිම තාක්ෂණික උපකරණයක් අවශ්‍ය නොවුණාට මනා ඉවසීමක් නම් අවශ්‍ය වෙනවා.
මෙම අවස්ථාව සජීවි ලෙස විකාශණය කිරිමට slooh අඩවිය මෙවරත් සුදානමිව ඇති අතර ඔවුන් ලංකා වේලාවෙන් 14 පාන්දර 6.30 ට විකාශණය කරණු ඇත.මෙම ලින්ක් ඵක මගින් ඔබට ඵම අවස්තාව දැකගත හැකිය..
නැරබීමට මෙතන ක්ලික් කරන්න
0 comments: