‘ඇපොපිස්’ ග්රහකය
2013 වසරේ පෘථිවිය අසළින් ගමන් කල මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග්රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.එම ග්රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග්රහකය 2013 ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.2004 වසරේ දී සොයා ගනු ලැබූ මෙම ග්රහකය ගැන යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් ඇමෙරිකාවේ නාසා ආයතනයත් විමසිල්ලෙන් පසු වූ අතර, ග්රහකය නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට උපකාරී වූයේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති හේෂල් දුරේක්ෂයයි.‘ඇපොපිස්’ ග්රහකය 2029 වසරේ දීත් 2036 වසරේදීත් යළි පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. 2029 වසරේ දී ‘ඇපොපිස්’ ග්රහකය පෘථිවියේ හැපෙනු ඇතැයි
විද්‍යාඥයෝ මුලින් පැවැසූහ. 2029 දී ග්රහකය ගමන් කරනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 30,000 ක් ඈතිනි.පසුව ගණනය කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම ගැටුම 2036 වසරේ අපේ‍්‍රල් මාසයේ සිදුවනු ඇති බවය.
2036 දී ග්රහකයා තවත් පෘථිවියට ලංවෙයි. ‘ඇපොපිස්’ ග්රහකය පෘථිවියේ ගැටුණහොත් ඉන් ඇතිවන විනාශය බරපතල වනු ඇත.
0 comments: