Fort East Martello කෞතුකාගාරයේ සිටින රොබට් බෝනික්කා

11:16:00 AM max 0 Comments

කලින් ලිපියෙන් The Conjuring සිනමා පටය සදහා පාදක වුන ඇනබෙල් බෝනික්කා පිළිබදව ඔබ දැනගත්තා.මෙම ලිපිය මගින් childs play සිනමා පට සදහා පාදක වුන සැබෑ සිදුවිමක් වු රොබට් බෝනික්කා පිළිබදව මා සොයාගත් කරණු දැනගත හැකිය.මේ රොබට් කියන බෝනික්කව 1906දි තමයි ඔටෝ කියලා පවුලකට ලැබිලා තියෙන්නේ. මේ බෝනික්කාව ඔවුන්ට ලබා දීලා තියෙන්නේ ඔවුන්ගේ ගෙදර වැඩ කරපු සේවකයෙක් විසින් ඔවුන්ගේ පොඩි ළමයා වන රොබට් ඉයුජින් ඔටෝ ට. ඉතින් මේ පොඩි ළමයා හැදී වැඩි තිබෙන්නේ මේ බෝනික්කත් සමගමයි. මේ පුංචි රොබට් මේ බෝනික්කට දාපු නමත් රොබට්මයි. කාලයක් යනකොට මේ පුංචි රොබට්ගේ අම්මලට දැනගන්න ලැබුණා රොබට් මේ බෝනික්කත් එක්ක කතා කරන බව. නමුත් රොබට්ගේ දෙමව්පියෝ හිතුවේ රොබට් එයාගෙම කටහඩ වෙනස් කර කර කතා කරනවා කියලයි. ඒත් හදිස්සියේම මේ දෙමාපියන්ට සැක හිතුනා මේ බෝනික්කා ඇත්තටම කතා කරනවා කියලා. මෙහෙම කාලයක් ගතවෙනකොට මේ ගෙදර අයට පෙනුණා මේ බෝනික්කා එහෙ මෙහෙ යනවා. මේ ගෙදර අය මේ නිසා හුගක් භය වුණා.මේ පුංචි රොබට් ගෙ කාමරෙන් එක දවසක් භයානක සද්දයක් ඇහිලා තියනවා, මේ පුංචි රොබට්ගේ දෙමව්පියෝ එයාගේ කාමරේට ගිහින් ඇහුවම පුංචි රොබට් කිව්වේ “බෝනික්කා තමයි ඒක කලේ” කියලා.
මෙම රොබට් කියන බෝනික්කා මේ වන විට කී වෙස්ට් ප්‍රදේශයේ Fort East Martello කියන කෞතුකාගාරයේදී ඉතාමත් සුරක්ෂිතව වීදුරු පෙට්ටියක් තුළ තබා තිබෙනවා.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya