නිවුන් වල්ගාතරු දෙකක් ලබන මාර්තු මාසයේදි

11:39:00 AM max 0 Comments

නිවුන් වල්ගාතරු දෙකක් ලබන මාර්තු මාසයේදි පෘථිවිය පසුකර ගමන් කිරිමට නියමිතව ඇත.ඵනමි Comet 252P/LINEAR 12 නම දූමකේතුව දැනට සොය ගෙන ඇති දත්ත අනුව මාර්තු මාසයේ 21 වැනි දින පෘථිවිය පසුකර යයි.පෘථිවිය හා ඵහි දුර සැතපුම් 3,290,000 වේ.ඵනමි පෘථිවියෙහි සිට සඳට ඇති දුර මෙන් 14 ගුණයක් දුරින් මෙය ගමන් කරයි.තවද තාරකා විද්‍යාඥයන් විසින් මෙම දුමකේතුවට අයත් තවත් දුමකේතුවක් වන P/2016 BA14 නැමති දුමකේතුව 2016 ජනවාරි 22 සොයා ගන්නා ලදි.මෙම දුමකේතු දෙක සමාන කක්ෂ වල ඇත.ඵය සොයා ගත්තේ Pan-STARRS (  Panoramic Survey Telescope and Rapid Response System ) විසිනි.ඵය හවායි දුපතෙහි පිහිටා ඇත.ඔවුගේ නිරික්ශණ අනුව මෙය ග්‍රහකයන් නොව දුමකේතුවක් බව සනාථ කර ඇත.මෙය 252P/LINEAR 12 දූමකේතුව දෙකඩ විමක් දැයි තවදුරටත් ඔවුන් සොයමින් පවති.Comet P/2016 BA14 ද මාර්තු මාසයේ 22 වැනි දින පෘථිවිය පසු කරමින් යයි.මෙය Comet 252P/LINEAR 12 වඩා පෘථිවිය ආසන්නයෙන්  ගමන් කරයි ඵනමි පෘථිවිය හා ඵහි දුර සැතපුමි 2,199,933 පමණ වන බව නිරික්ශකයන් විසින් පවසා ඇත.ඵනමි පෘථිවියෙහි සිට සඳට ඇති දුර මෙන් 9 ගුණයක් තරමි දුරින් මෙය ගමන් කරයි.මෙය පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරිම හේතු කොට ගෙන මෙම දුමකේතුව ඉදිරියේදි තෙවන සමීපතම දූමකේතු වාර්ථා තුලට ඇතුලත් කිරිමක් ද සිදුකිරිමට නියමිතව ඇත. තාරකා විද්‍යාඥයන් විසින් මේ විශ්වයේ ඇති ග්‍රහක කොටස් පිළිබදව දැඩි අවදානයකින් බලා සිටි.මන්ද ග්‍රහක කොටස් නිතරම පෘථිවිය වෙත පැමිනිම හේතුවෙනි.නමුත් දුමකේතු ග්‍රහක මෙන් පෘථිවිය හා වැඩි වශයෙන් සමිප නොවේ.තාරකා විද්‍යාඥයන්ගේ පෘථිවියහි ආරක්ශක කලාප දුර ලෙස දක්වා ඇත්තේ සඳට ඇති දුර මෙන් 9 ගුණයකි.මෙම දුමකේතුව ඵම ආරක්ශක දුර ආසන්නයෙන් යාම පිළිබදව ඔවුන් දැඩි විමසිල්ලෙන් සිටි.
 

හොදයි අපි දැන් බලමු ඉතිහාස වර්ථා අනුව මේ ලුනාර් 9 වැනි දුරට වඩා ආසන්නයෙන් අප පෘථිවි පසුකර දුමකේතු ගමන් කර ඇත්ද යන්න පිළිබදව?
*හොදයි වර්ථා අනුව මුලින්ම Comet D/1770 L1 (Lexell) දූමකේතුව ලුනාර් 5.9 දුරින් පෘථිවිය පසුකර ගිහින් තියනවා ඵනමි 1770 ජුනි 14 මාසයේ.පෘථිවිය ඵහි දුර සැතපුමි 1,410,100  දුරක් තිබිලා තියනවා.මෙම දුමකේතුව නිරික්ශණය කරලා තියෙන්නේ Charles Messier නැමති තාරකා විද්‍යාඥයා විසින්.න්‍යෂ්ටියේ විශාලත්වය බ්‍රහස්පති ග්‍රහයා අපට පෙනෙන ආකරයෙන් දිස් වි ඇත.
* තවද තාරකා විද්‍යඥයන්ගේ ගනනය කිරිම අනුව Comet 55P/1366 U1 (Temple-Tuttle) දූමකේතුව 1366 දි ලුනාර් 8.9 දුරින් පෘථිවිය පසු කර ගොස් ඇත.
*1983 වසරේ මැයි මස comet C/1983 H1 ( IRAS-Araki-Alcock ) දුමකේතුව ලුනාර් 12.2 දුරින් පෘථිවිය පසුකර ගෙස් ඇත.
 

මෙය ඉතිහායෙන් වාර්ථා කිහිපයකි.comet P/2016 BA14 දිප්තිමත්ව සුර්යා පසුකරමින් ගමන් කරයි.නමුත් මෙම දුමකේතුවෙහි ඇති දුර හේතුවෙන් මෙය ඉතා අඩු ඵලියක් සහිතවයි අපට පෙනෙන්නේ.මෙය අපිට පියවි ඇසින් දැකිය නොහැකිය.තාරකා විද්‍යාඥයන්ගේ ගනනය කිරිම වලට අනුව මෙම දුමකේතුවෙහි විශාලත්වය 12 හෝ 13 විය හැකි බවට පවසයි.ඵනමි මෙය නැරබිමට වඩා ප්‍රභල දුරේක්ෂ අවශ්‍ය වේ.University of Maryland හි තරකා විද්‍යාඥය Michael Kelly විසින් මෙම අවස්ථාවේ දුමකේතුවෙහි ජායාරූප හබල් දුරේක්ෂ මගින් ජායාරූප ගැනිමක් සිදුකිරිමට නියමිතව ඇත.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya