ආදි වායුගෝලයේ ඇති වු වෙනස්කම්

7:04:00 PM max 0 Comments

(විශේෂ ස්තූතිය මෙම ලිපිය අප වෙත ඵවු මිතුරිය වෙත)
පෘථිවිය මධ්‍යයයේ සිට විවිධ වායු වලාවන් පිටතට ගලාඒම නිසා ආදි වායු ගෝලය ඇති විය.අඩු පෘථිවි ගුරුත්ව ආකර්ෂණ බලය නිසා හයිඩ්රිජන් වායුවෙන් වැඩ් ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත්වූ අතර C හා Hද, N හා Hද සංයෝජනය වීමෙන් මුලින්ම මීතේන්(CH4) ඇමොනියා(NH3) ඇති විය. CO2 හා H2O ඇති වුයේ ඉන් පසු අවදියකය. වායු ගෝලය ඉතා උණුසුම් වුයෙන් ජලය පැවතියේ වාෂ්ප ආකාරයෙන් පමණි. පොලව මතු පිට වියලි විය.
වායු ගෝලයේ පැවති විද්යුපත් විසර්ජන හා සුර්ය විකිරණ මගින් වායු අණු බිදියාම නිරන්තරයෙන්ම වායු ගෝලයේ තුල සිදුවිය. විවිධ වායු අණු බිදී පරමාණු වෙන් වූ අතර ඒවා විවිධ අකර වලට සංයෝජනය වෙමින් බොහෝ සරල අණු සම්භවය විය. මේ අතර පෘථිිවි කබොල ක්රලම ක්ර මයෙන් සිසිල් වූ බැවින් වායු ගෝලයේ උණුසුමද අඩු විය. මෙවිට ජල වාෂ්ප ඝනිභවනය වෙමින් වලාකුළු නිර්මාණය විය. දිගින් දිගටම මෙසේ සිදු වීම නිසා ඉහළ අහසේ ඝන වලාකුළු ස්ථරයක් ඇති විය.
අද වන විට පෘථිවිය සම්භවයෙන් අවුරුදු බිලියන 4.5 ක් පමණ ගෙවී ගොස් ඇත.
අද පවතින පෘථිවිය ද බෙහෙවින් වෙනස් වි ඇත. එය ශිලා ගෝලය ජල ගෝලය, වායු ගෝලය හා ජෛව ගෝලය යන සංරචක වලින් සමන්විත ජීවයෙන් සපිරි බිමකි. එහි නයිට්රංජන් ඔක්සිජන් බහුල, කාබන්ඩයෝක්සයිඩ් හා ජල වාෂ්ප සහිත ඔක්සිකාරක වායු ගෝලයක් පවතී. ශිලා ගෝලය මතු පිට පස නිර්මාණය වි ඇත. ජලාශ බහුලය. ජල ගෝලය පෘථිවියෙන් 3/4 ක් පුරා පැතිර සිටි. අහස වලාකුළු සහිතය. පරිසර උෂ්ණත්වය ජීවීන්ගේ පැවැත්මට ඉතා හිතකරය. ජෛව ගෝලය, ශිලා ගෝලය මතුපිටද, වායු ගෝලයේ පහළ සීමාවේද, ජල ගෝලයේද පැතිර සිටි.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya