අත්ලාන්තික් සාගරයෙන් හමුවූ පිටසක්වලයින් තැනූ දැවැන්ත කුළුණ

9:33:00 PM max 0 Comments

වසර දස දහසකට පෙර පිටසක්වල තාක්ෂණයෙන් තැනූ බව කියන දැවැන්ත සන්නිවේදන කුළුණකට සමාන කුළුණක් ඇට්ලාන්ටික් මුහුදු පත්ලෙන් සොයාගෙන තිබෙනවා.ටෙල් අවිවු සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසිනුයි මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ. වසර 10 ,000 ක් පැරණි බව තහවුරුව ඇති මෙම කුළුණ ටොන් 15 ක බරකින් යුක්ත බවයි හෙලිව ඇත්තේ. එවන් කුළණක් ඉදිකිරීම සදහා වත්මන් තාක්ෂණය පවා ඇතැම්විටෙක බාධාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට අත්ලාන්තික් සාගරයේ පිටසක්වල නටඹුන් බවට නම් කර ඇති කලාපයෙනුයි මෙම කුළුණ හමුව තිබෙන්නේ. මීට පෙරද මෙම කලාපයෙන් මුහුදේ වැලලුණු ඉපැරණි මහද්වීපික නටඹුන් සොයාගෙන තිබෙනවා.සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 131 ක් ගැඹුරින් මෙම සාධක හමුව ඇති අතර ඒ පිළිබද වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya