සඳ තුල ඇති ගෝලාකාර ගොඩනැගිලි

9:14:00 PM max 0 Comments

 

පසුගිය දින තුල සඳෙහි සොයාගන්නා ලද ගොඩනැගිලි යැයි ගවේෂකයන් විසින් පවසන ගොඩනැගිලි අතුරින් මෙම ව්‍යුහය පිළිබදව මාගේ දැඩි අවදානයට හසුවුනා.පසුව මෙම වාර්ථාවන් පිළිබදව සොයා බලා ඉන් ලබාගත් කරුණු  මගින් මේ පිළිබදව ලිපියක් මා සකස්කල.මුලින්ම මෙම ජායාරූපය කුමක් දැයි කිවහොත් මෙම ජායාරූපය අයත් වන්නේ ඇපලෝ 11 මෙහෙයුමට.ඵම මෙහෙයුම මගින් සඳෙහි ලබා ගත් ජායාරූප තුල මෙම ජායාරූපයද ඇතුලත් වුනා.බැලූ බැල්මට මෙය වීදුරු වැනි ද්‍රව්‍යකින් නිර්මාණය වු ගෝලයක් සේ පෙනේ.නාසා ඇපලෝ මෙහෙයුමි මගින් සොයාගත්තා සඳෙහි මෙවැනි ගෝලාකාර ව්‍යුහයන්.ඵ් වගේම මෙම ව්‍යුහයන්  "dome cities" කියලා හදුන්වන්න පටන් ගත්තා.නමුත් නාසා ආයතනය කිවේ මෙම ගෝලයන් ස්වභාවිකව නිර්මාණය වුන දේවල් විදියට.නමුත් මේ පිළිබදව වාර්ථා තුල සදහන් වන්නේ මෙම ගෝලාකරා ව්‍යුහයන් තුල ජිවින් හට ජීවත් වියහැකි සේ කෘත්‍රිමව සාදාගත් ගෝලයන් බවයි.මෙය තුල ඔවුන්ට ජීවත් වියහැකි සේ පරිසරය නිර්මාණය කරගෙන ඇති බවට සදහන් වෙනවා.කෙසේ නමුත් නාසා සඳ ගවේෂණය මගින් සොයාගත් තොරතුරු වලින් යමි ප්‍රමාණයක් තවමත් ඔවුන් හෙළිකරලා නෑ.  
මේ විඩියෝ ඵක මගින් මා පැවසු මෙම  "dome cities" ඵක ගැන නැරබිය හැකිය.මෙම ජායාරූපය හොදින් ලංන්කර බැලීමෙදි දැකගන්න පුලුවන් මේ dome cities ඵකෙන් ඵලියට පැමිනෙන වස්තූන් තුනක් සහ ඵලියට පැමින ඇති වස්තූන් තුනක්.
 
තවද මෙම ගෝලයෙහි මුදුනින් කුහර දැකිය හැකිය.ඵය ඇතුලත පරිසරය නිසි ලෙස පවත්වා ගැනිමට අවශ්‍ය වන යමක් විය හැකිය.
 
විද්‍යා ප්‍රබන්ධ කතා තුල ඇති අනාගත මෙවන් ගොඩනැගිලි ද මෙම ආකාරයට දැකිය හැකිය.මෙම ව්‍යුහය ගුගල් අර්ත් මගින් දැකගත හැකිය.ඵ් සදහා මෙම ඛණ්ඩාංක යොදා ගන්න පුලුවන් 5°48'39.97"N 143°36'46.91"E
සොයාගත් තොරතුරු අනුව මෙම ගෝලය සඳෙහි විශාල ආවාටයක් වන Harden ආවාටය අසලින් පිහිටා ඇත.සැබවින්ම මෙය ආවාටයක් නොවන අතර මෙය ගෝලාකාර ව්‍යුහයකි.වැඩිදුර දැනගනිම සදහා මේ විඩියෝ ඵකත් බලන්න.


සඳ තුලින් සොයාගන්න ලද මෙවන් ව්‍යුහ තුලින් වාර්ථා අනුව ප්‍රථම glass dome cities වාර්ථා වනුයේ නාසා අයතනය මගින් සඳ වෙත යැවු Surveyor 6 නැමති මිනිසුන් රහිත යානාව මගින් ගත් ජායාරූප තුල සටහන්ව ඇත.මෙම යානව පිළිබදව වැඩි දුර දැනගනිමට අවශ්‍ය නමි ඔයාලා මේ ලින්ක් ඵක බාවිතා කරන්න https://en.wikipedia.org/wiki/Surveyor_6  ඉතින් මේ යානාව විසින් හදුනගත්ත මේ ව්‍යුහයන් නමි කලා Sinus Medii ලෙසට ඵනමි 1967 වසරේ.මෙම ඛණ්ඩාංක වලින් 2.4°N 1.7°E ඵයත් නිරික්ෂණය කරන්න පුලුවන්. මේ පිළිබදව මේ විඩියෝ ඵකෙනුත් දැකගන්න පුලුවන්.


කෙසේ නමුත් නාසාට ප්‍රථමව යමිකිසි බුද්ධිමත් ජීවින් විසින් සඳ පිළිබදව ගවේෂණය කරඇති ආකරයක් මින් පැහැදිලි වේ.චන්ද්‍ර විෂමතාව පිළිබදව පර්යේෂණය කරන පුත්ගලයන් පවසා ඇත්තේ මෙම "dome cities" වසර මිලියන ගණනකට කලින් නිර්මාණය කරඇති බවයි.නවින තාක්ෂණයක් ඔවුන් ඵදා භාවිතා කරමින් මෙවන් ව්‍යුහයන් නිර්මාණය කර ඇත.පසුව මෙම නිර්මාණය කළ ව්‍යුහයන් ඔවුන් විසින් අතහැර දමා ඇතිබවට ශවේෂකයන් විසින් පවසා ඇත.කෙසේ නමුත් නාසා තුලින් මෙම ව්‍යුහයන් පිළිබදව සැබෑ තතු දැනගනිමට හැකි වේ දැයි ගැටලුවක් පවති ඵනමි ඔවුන්ගේ නිති තුල පිටසක්වල රහස් හෙලි නොකිරිම පිළිබදව නිතිමාලාවක් ඔවුන් අනුගමනය කරමින් පවතින නිසාවෙනි.
 

හොදයි ඵහෙනමි අවසන් වතාවත මම තව පොඩි දෙයක් ඔයාලට කියනවා මේ තමා චීනය විසින් සඳ වෙත යැවු යානවක් මගින් ගත්ත තොරතුරු ටිකක් මේ විඩියෝ ඵකෙන් ඵ් පිළිබදව නැරබිය හැකිය. 
ඉදිරියෙදි මිට වඩා අපිට මේ ව්‍යුහයන් පිළිබදව දැනගන්න පුලුවන් වෙයි.ඵ් පිළිබදව නව තොරතුරු පිටසක්වල ජීවින් සහ විශ්වයේ අභිරහස් සොයා යන ගවෙිෂණය ගෘපය මගින් ඔබට ඉදිරිපත් කරන්න මා බාලාපොරොත්තු වෙමි.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya