පෘථිවි වාසින්ට වල්ගාතරු පේන කාලයක්
වසර දෙසිය හතළිස් හයක ඉතිහාසයක් තුළ පෘථිවිය ආසන්නයෙන්ම ගමන් කරන දීප්තිමත් හරිත පැහැ වල්ගා තරුවක් ඉදිරි දිනවල දී දුරදර්ශකයන් ආධාරයෙන් දැකිය හැකි බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යඥ තාරකා ජීව විද්‍යා ගවේශක කිර්ති වික්‍රමරත්න මහතා කියයි.අඩි 3000 ක විෂ්කම්භයකින් යුත් C2016BA14 ලෙසින් නම් කර ඇති මෙම වල්ගා තරුව පසුගිය 22 වෙනිදා පෘථිවියට සැතපුම් මිලියන 2.2 ක දුරකින් ගමන් කර ඇති බවට විද්‍යාඥයින් අනුමාන කරන බවත් මීට ප්‍රථම ක්‍රිස්තු වර්ෂ 1770 දි D1770LI නැතහොත් ලෙක්සල් නම් වල්ගා තරුව පෘථිවියට ආසන්නයෙන් ගමන් කර ඇති බවද වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
කැලිෆොනියාවේ හි ඇති නාසා ආයතනයේ JPL පර්යේෂණාගාරයේ රේඩාර් නිරීක්ෂණ මගින් C2016BA14 වල්ගා තරුව නිරික්ෂණය වී ඇත. එම නිරික්ෂණ ඡායාරූප හැඩවලට අනුව මෙම වල්ගා තරුවේ එක් පැත්තක් ගඩොල් කැටයක් අනෙක් පස පෙයාස් ගෙඩියක හැඩයක් ගෙන ඇත. වඩා විශාල වූ වල්ගා තරුව වූ 252P/LINER නැමැති වල්ගා තරුව පෘථිවියට සැතපුම් මිලියන 3.3 දුරකින් පසුගිය 21 වෙනිදා ගමන් කර ඇති බවත් එම වල්ගා තරුව ඉදිරි දින වලදි පෘථිවි අර්ධ ගෝලයේ විද්‍යාමාන වන බවට විදුදරයන් ප්‍රකාශයට පත් කොට ඇති බව වික්‍රමරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
252P/LINER නැමැති වල්ගා තරුව පසුගිය දින කිහිපයදි එහි දීප්තය විද්‍යාඥයින් අනුමාන කළ ප්‍රමානයට වඩා වැඩි වෙමින් පවතින අතර එය සූර්යයා නැගිටීමට පෙර පැය එකහමාරකට ප්‍රථම දුර දර්ශකයන් මගින් නැරඹීමට හැකිවන බවද විද්‍යාඥයෝ අපෙක්ෂා කර ඇති. තවද ඉදිරි දිනවල උදැසන මෙම වල්ගා තරුව අගහරු හා සෙනසුරු ග්‍රහ වස්තු ආසන්නයේ දැකීමට හැකිවනු ඇති බවට විදුදරයන් උපකල්පනය කර ඇති අතර එය උපකල්පනය කර ඇති ප්‍රමාණයට වඩා සිය ගුණයකින් දීප්තියෙන් වැඩිව හරිතපැහැ වල්ගා තරුවක් ලෙස දර්ශනය වනු ඇති බවද වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
එම කොළ පැහැයට හේතුව වන්නේ එහි ඇත් කාබන් අංශුවලට ඉර එළිය වැටිමෙන් බවද සදහන් කරයි.
අලංකාර වු මෙම දීප්තිමත් ඉතිහාස ගත වල්ගා තරුව 29, 30, 31 යන තෙදින තුළ දැකිය හැකි බවත් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වු අග්‍රගන්‍ය තාරකා විද්‍යාඥයෙකු ලෙස සැලෙකෙන මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසන පරිදි ජිවයේ සාධක රැගෙන යන වාහනය වන්නේ වල්ගා තරු බවද කිර්ති වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පැහැදිලි කරමින් කියා සිටියේය. පෘතිවියන්ට වල්ගාතරු පේන කළක්
(lakbima)
0 comments: