OSIRISREx මෙහෙයුම

6:44:00 AM max 0 Comments

නාසා ආයතනයේ නවතම මෙහෙයුමක් ලෙස OSIRIS-REx (Origins, Spectral Interpretation, Resource Identification, Security, Regolith Explorer) හදුන්වා දිය හැකිය.මෙම මෙහෙයුම මගින් 101955 Bennu නැමති ග්‍රහකය වෙත OSIRIS-REx යානය ගෙන යන අතර.101955 Bennu නැමති ග්‍රහකය (LINEAR) ව්‍යාපෘතිය යටතේ 1999 වසරේ හදුනා ගත් ග්‍රහකයක් වේ.මෙම ග්‍රහකය මීටර් 500 ක් පමණ විෂ්කමිභයක් ඇති ග්‍රහකයක් වේ.මෙම ග්‍රහකය වෙත Bennu යන නාමය යොදා ඇත්තේ Michael Puzio නමි පුත්ගලයා විසිනි.Bennu යනු පුරාණ ඊජිප්තුවෙහි දේවත්වයෙන් සැලකු සලකුණක් වේ.OSIRIS-REx යානය මෙම වසරේ සැප්තැමිබර් මස දියත් කිරිමට නාසා ආයතනය සැලසුමි කර ඇති බවට ඔවුන්ගේ වෙබ් අඩවි තුලින් වාර්ථා කර ඇත.2016 දි දියත් කරන මෙම යානය ග්‍රහකය වෙත 2018 වසර වන විට ලගා විමට සැලසුමි කර ඇත.මෙම යානය අභ්‍යාවකාෂය වෙත ගෙනයන්නේ Atlas V 411 නැමති රොකට්ටුව මගින්. යානය ග්‍රහකය වෙත කිලෝමීටර් පහක් ලගා වු පසු ග්‍රහකය සිතියමි ගත කිරිමක් සිදුකිරිමට නියමිතව ඇත.පසුව යානාව විසින් ඵහි සවිකර ඇති රොබෝ අතක් මගින් ග්‍රහකයේ කොටස් ගැනිමක් සිදුකරයි.මෙම මෙහෙයුමේ විද්‍යාඥයන් ලෙස එක්සත් ජනපදය.කැනඩාව.ප්‍රංශය.ජර්මනිය.බි‍්‍රතාන්‍යය හා ඉතාලිය යන රටවල් නියෝජනය කරමින් විද්‍යාඥයන් ගෙන් සැදුමිලත් කන්ඩායමක් මෙම මෙහෙයුමට සූදානමිව ඇත.2019 වසරේ දි මෙම යානය ග්‍රහකයේ වැඩ කටයුතු නිමවා 2023 වසරේ සැප්තැමිබර් දින පෘථිවියට පැමිනිමට නියමිතව ඇත.ඵය ගොඩබැසිමට නියමිතව ඇත්තේ ඵක්සත් ජනපදයේ ඌටා ප්‍රදේශයෙහි ඇති හමුදා පුහුණු ප්‍රදේශයක් වෙතටය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya