යුරේ සහ මිලර්ගේ පරීක්ෂණය

10:32:00 PM max 0 Comments

විශේෂ ස්තූතිය මෙම ලිපිය අප ගෘපය වෙත ඵවු මිතුරිය වෙත.
ජෛව රසායනික පරිණාම වාදය තහවුරු කිරිම සදහා යුරි සහ මිලර් විසින් සිදුකල පරික්ෂණයයි.
විද්‍යාගාරයක් තුලදී සංවෘත බදුනක් තුල සිරකල මිතේන් (CH4) ඇමෝනියා (NH3) හයිඩ්‍රජන් (H2) හා ජල වාෂ්ප (H2O) මිශ්‍රණයක් හරහා විදුලි පුළිගු යවන ලදි. මෙවිට බදුන තුල විද්‍යුත් විසර්ජන ඇති වෙමින් ඇමයිනෝ අම්ල අණු සමිභවය විය.
ඇමයිනෝ අම්ල ප්‍රෝටිනයේ තැනුම් ඒකකයයි. මේ ආකාරයට සජිව පදාර්ථය ගොඩනැගිමට දායක වූ මුලික සරල අණු වායු ගෝලය තුල ඇති වෙන්නට ඇත.
ජලයේ දිය වෙමින් ආදී සාගර සුපයට එකතු වූ විවිධ කාබනික අණු අතර රසායනික ප්‍රතික්‍රියා සිදු විය. ඇමයිනෝ අම්ල අණු බහු අවයවිකරණයෙන් ප්‍රෝටීන ද, සරල සිනි වලින් සංකීර්ණ පොලිසැකරයිඩද, ලිපිඩ හා නියුක්ලික් අම්ලද වැනි සජීව පදාර්ථයේ වැදගත් ජෛවීය අණු සම්භවය වුයේ මෙහි ප්‍රතිඵලය වශයෙනි. (DNA හා RNA)
මෙම සංකීර්ණ කාබනික අණු තව දුරටත් රසායනික ප්‍රතික්‍රියා වලට සහභාගි වූ අතර, වඩාත් සංකීර්ණ වූ කලිලමය ව්‍යූහ ඇති විය. විවිධ කාබනික සංඝටක එකතු වෙමින් කුඩා ගෝලිකා බදු අණුක ව්‍යූහ ඇති විය. ඒවා හදුන්වන ලද්දේ කෝ ඇසවේට (Co Acervates) යනුවෙනි. මෙම ගෝලිකා වර්ධනය හා විභාජනය සිදු කල හැකි ඒවා විය. මෙසේ වර්ධනය හා විභාජනය සිදු වෙන විට සාගර සුපයේ වූ විවිධ කාබනික හා අකාබනික සංඝටක මත යැපිමක් සිදු කල අතර එය මුල්ම 'පෝෂණය' ලෙස දැක්විය හැක. මෙසේ කෝ ඇසවේට ජීවින් සතු ලක්ෂණ කීපයක්ම පෙන්නුම් කල බව පෙනේ. විභාජනය සිදු වීමේදී 'ස්වයං ප්‍රතිවලිතය' සිදු වූ අතර මේවා ස්වයං ප්‍රතිවලිත හැකියාව ලබාගත් මුල්ම ව්‍යූහ ලෙස හදුන්වා දිය හැක.
කෙසේ හෝ සජීවී ලක්ෂණ කීපයක් සහිත මෙම කෝ ඇසවේට පටලයකින් ආවරණය වෙමින් ප්‍රථම ප්‍රාග් න්‍යෂ්ටික සෛල හට ගත බව විශ්වාස කෙරේ. අදින් අවුරුදු බිලියන 3.5 කට පෙර, සාගර සුපය තුල මෙවැනි ප්‍රාග් න්‍යකෂ්ටික සෛල සම්භවය වීමත් සමග ජීවීහු පෘථිවි තලය මත ස්ථාපනය වුහ.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya