මිනිසුන්ට අසුබ බව කියන වල්ගා තරු උපන්නේ හිරුටත් පෙරද
මානව පරිණාමයේ මුල් යුගයේ සිටම මිනිසාට අහස වඩාත් කුතුහලය දැනවූ දෙයක් විය. තමන් ජීවත්වන පොළොවට වඩා විශාලෙට දිස්වන බැවින් ඔව්හු අහස ගැන වඩාත් බරපතළ ලෙස සිතූහ. ගමන්මග සොයා ගැනීමට මෙන්ම තම තමන්ගේ ජීවිතවල රහස් නිරාකරණය කරගැනීමට ද ඔවුහු රාත්‍රී අහස ප්‍රයෝජනයට ගත්හ. එහෙත් රාත්‍රී අහසේ දිස්වන එක්තරා තාරකාවකට මිනිසුන් එදා සිටම දැක්වූයේ පුදුමාකාර බියකි. ඒ අන්කිසිවක් නොව වල්ගා තරු නොහොත් ධූම කේතුවලටය. අවාසනාවේ සංකේතයක් ලෙස පැරැන්නෝ වල්ගාතරුව සැලකූහ. එවැනි තරුවක් දිස්වීම මිනිසුන්ට මෙන්ම පෘථිවියට ද අවාසනාවක් ගෙන එන්නක් ලෙස ඔවුහුවිෂ්වාස කළහ. ගංවතුර, භූකම්පා මෙන්ම දරුණු වසංගත රෝග ද වල්ගාතරුවක් දර්ශනයවී කෙටිකලකින් පැතිර යන බව රජවරු පවා පිළිගත් කරුණක් විය. ක්‍රි.ව. එසේ නමුත් තාරකා විද්‍යානුකූල වල්ගාතරුවක් යනු විශ්වයේ විසිරී ඇති කෝටි ගණනක් වන ආකාශ වස්තූන් ගෙන් වඩාත් ආකර්ෂණීය වන තාරකාවකි. ගනීභවනය වූ අයිස්, දූවිලි අංශු මෙන්ම විවිධ ලෝහ, පාෂාණ ආදියෙන් සැදුම්ලත් වල්ගාතරු පිළිබඳ පැවැති දුර්මත දුරුවීමට ගැලිලි ගැලීලියෝ විසින් දුරේක්ෂය සොයා ගැනීම හේතු විය. ඉතා දිගු කාලයක් පුරා සිදුකෙරුණ විවිධාකාර වූ සොයාබැලීම් වලින් අනතුරුව වල්ගාතරු විශ්වයේ ඇති අපද්‍රව්‍ය රැසක සංකලනයක් බව වඩාත් නිවැරදිව තහවුරු කරගන්නා ලදි.
වල්ගාතරුවක උපත පිළිබඳ සිතීමේදී ඉතා වැදගත් නියමයක් ඉදිරිපත් කළ තැනැත්තෙකු ලෙස ඕලන්ද ජාතික ජාන් ඌට් නම් කළ හැක. ඔහු පවසන පරිදි සෞරග්‍රහ මණ්ඩලයට බොහෝ ඈතින් පිහිටා ඇති යෝධ වලාපටලයක අපද්‍රව්‍ය වලින් සෑදුන වල්ගා තරු න්‍යෂ්ටි විසිරී ඇත. කෝටි ගණනින් විසිරී ඇති මෙකී න්‍යෂ්ටි අතරට අදටත් අලුතෙන් නිර්මාණය වෙමින් පවතින ඒවාද එක්වෙයි. අහම්බයෙන් හෝ යම් සුවිශාල වස්තුවක ගුරුත්වබලයට හසුවී මෙකී න්‍යෂ්ටි එම යෝධ වලාපටලයෙන් එළියට පැමිණෙන අතර ඒවා හිරුගේ ගුරුත්ව බලයට හසුවීම නිසා සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළුවීම සිදුවෙයි. එලෙසම සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළුවන මෙම දූවිලි න්‍යෂ්ටි බ්‍රහස්පති, සෙනසුරු වැනි ග්‍රහක සහ හිරු නාභි ලෙස ගෙන නිර්මාණය කරගත් ඉලිප්සීය කක්ෂයක ගමන් කරයි. (මෙම නියමයට ගරු කරමින් වල්ගාතරු
න්‍යෂ්ටි විසිරී ඇති මහා වලාපටලය ඌටි වලාව (Aort cloude) ලෙසින් අදටත් හැඳින්වෙයි.
වල්ගාතරු හිරු වටා ගමන් කරනා මාර්ග අනුවද ඒවා කොටස් දෙකකට බෙදේ. ඒ ආවර්ත වල්ගාතරු (Periodic comete) සහ අනාවර්ත වල්ගාතරු (Non periodic comet) ලෙසිනි. මේ අතරින් ආවර්ත වල්ගාතරු නිශ්චිත කාලවකවානුවක් තුළ හිරු වටා ගමන් කරයි. එම වර්ගයේ වල්ගා තරු නිශ්චිත ඉලිප්සීය කක්ෂයක හිරු වටා ගමන් කරනා අතර ගමන් කිරීමට ගතවන කාලය අනුව මෙම කාණ්ඩයේ වල්ගාතරු කෙටිකාලීන වල්ගාතරු, දිගුකාලීන වල්ගාතරු ලෙස යළි කාණ්ඩ ගතකරයි. ඒ අතරින් කෙටි කාලීන වල්ගාතරු සාමාන්‍ය වශයෙන් වසර දහයක් - හැටක් අතර කාලයක් තුළ හිරු වටා ගමන් කිරීමට ගත කරයි. දිගුකාලීන වල්ගාතරු වසර පනහත් දෙසීයත් අතර කාලයක් හිරුවටා එකවරක් යෑමට ගත කරයි. මෙම වර්ගයේ වල්ගාතරුවලට හොඳම උදාහරණය හේලීගේ වල්ගාතරුවයි. ආවර්ථ නොවන වල්ගාතරු වසර 200කට වැඩි කලකට පසු පෘථිවියට පෙනීමට හෝ කිසිදිනකත් පෘථිවියට නොපෙනීමට ද ඉඩ ඇත. ඊට හේතුව මෙම වර්ගයේ වල්ගාතරුවල ගමන් මාර්ගය බොහෝ විට ඉලිප්සීය නොවන හැඩයක් ගැනීමයි. පසුගියදා දැකගත හැකි වූ කැටලිනා වල්ගාතරුව මෙම වර්ගයට හොඳ උදාහරණයකි.
කෙටිකාලීන වල්ගාතරු කුයිපර් වළල්ලෙන්ද (Kuiper belt) දීර්ඝකාලීනව දැකගත හැකි වල්ගාතරු ඌටි වලාවෙන්ද හටගන්නා බවද අද වන විට විද්‍යාඥයන් තීරණය කර ඇත. ඌටි වලාව ඇසුරෙන් හටගන්නා වල්ගාතරු පාරාවලයක් (Parbolic) හෝ බහුපාරාවලයක් (Hyparbolic) සහිත ගමන් මාර්ගවල ගමන් ගනී. මේවා බොහෝවිට අනාවර්ත වල්ගාතරු ලෙස සලකනු ලබයි. වල්ගාතරුවක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක. ඒ න්‍යෂ්ටීය, කොමාව සහ වල්ගය ලෙසයි. න්‍යෂ්ටිය සහ කොමාව එක්වූ පසු එම කොටස හිස ලෙසද හඳුන්වයි. 2009, 2010 කාලයේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකරන ලද Star past Analycer යානාව මගින් කළ විශ්‍ලේශන මගින් ඇමයිනෝ අම්ල, ග්ලයිසීන්, එතනෝල් වැනි වායු සහ අම්ලද වල්ගාතරුවල අඩංගු බව තහවුරු වී ඇත. වල්ගාතරුව හිරුට සමීපවීමේදී සූර්ය සුළං (Solar wind) වලට හසුවී එහි අඩංගු හිම වාෂ්ප වෙයි. වල්ගය ලෙස දිස්වන්නේ මෙලෙස වාෂ්ප වන හිමයි.
වල්ගාතරු පතනයවීම පෘථිවි සහ චන්ද්‍ර පෘෂ්ඨවල ආවාට ඇතිවීමට ද හේතු වී තිබේ. වල්ගාතරු පිළිබඳ සුවිශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට විද්‍යාඥයන් සමත් වූ අවස්ථාවක් ලෙස හෙල් බොප් වල්ගා තරුවේ කොමාව ගුවන්විදුලි තරංග මගින් විනිවිද යෑම දැක්විය හැක. එමගින් එම වල්ගාතරුව කාබනික ද්‍රව්‍ය නිකුත් කරන බවත්, එලෙස නිකුත් කරනා කාබනික ද්‍රව්‍ය සූර්යා බිහිවීමට පෙර පැවැති ප්‍රාථමික කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්ගෙන් සමන්විත බවත් තහවුරු කරගැනීමට හැකි විය. ඒ අනුව කුයිපර් සමීපයේ මෙන්ම ඌටි වලාවේ සැඟව ඇති කෝටි ගණනින් ගිනිය යුතු වල්ගාතරු ශීර්ෂ පරිණාමය වන්නට පටන්ගෙන ඇත්තේ සූර්යා බිහිවීමට පෙර පැවැති අඳුරු අයිස් යුගයකද යන සැකය විද්‍යාඥයන් තුළ ඇතිවෙමින් පවතී.
(Lakbima.)
0 comments: