එක්සො මාර්ස් අඟහරු බලා ගමන් කරයි
පසුගිය දින යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් දියත් කල එක්සො මාර්ස් ට්‍රේස් ගෑස් ඕබිටර් සාර්ථක ලෙස අභ්‍යාවකාෂ ගත විය.මාස හතක් තුල ට්‍රේස් ගෑස් ඕබිටර් යානය අඟහරු වෙත ලගා වීමට නියමිතව තිබේ.මෙම මෙහෙයුමේ පලමු අදියර ලෙස අඟහරුහි භූ විද්‍යාත්මක සාධක හා ජීව විද්‍යාත්මක සාධක සොයා බලයි.දියත් කිරිම පසුගිය දා කසකස්තානයේ දියත් කිරිමේ මධ්‍යස්තානය තුලින් ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03.01 ට දියත් කිරිම ආරමිබ වු අතර ඉන්පසුව ප්‍රෝටෝන ඵම් රොකට්ටුවේ පලමු සහ දෙවන වෙන් වීම් සිදුවු අතර තුන් වන වෙන් වීම දියත් කිරිමෙන් පසු විනාඩි 10ක් තුල සිදුවිය.පසුව ඕබිටර් යානය ඉහළ අදියර වෙත රැගෙන ගිය ප්‍රෝටෝන ඵම් රොකට්ටුවේ Breeze-M කොටස මගිනි.වෙන් වීමි අවස්ථා හතරක් සිදු වු පසු අවසානයේ ඕබිටර් යානය සියලු රැදවිම් මගින් නිදහස් වී අභ්‍යාවකාෂයට පිවිසුනේ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 01.45 වේ.පසුව ඕබිටර් යානයේ සංඥ හසුකර ගත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ පාලක මධ්‍යස්තානය විසින් අලුයම 02.59 ප්‍රකාශ කලා ඕබිටර් යානය සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත වු බවට.පසුව ඕබිටර් යානයේ සූර්ය පැනල දිගහරිමන් අඟහරු වෙත ගමන් කිරිම ඇරබුනි.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ අධ්යක්ෂ Johann Dietrich Woerner පැවසුවේ එක්සො මාර්ස් දියත් කිරිමේ ස්ථානය සිට අඟහරු දක්වා ඵය දීර්ග සංචාරයක් සිදුකරන අතර ඔවුන්ට මෙය සිදුකිරිමට උදවු කල අන්තර්ජාතික වශයෙන් සියලු දෙනට ස්තූති කල අතර.නව යුගයේ අඟහරු ගවේෂණය ඔවුන් සතුව දැන් තිබෙන බවට ප්‍රකාශ කරන ලදි.
විශේෂයෙන්ම ඔහුගේ කෘතඥතාව පළ කලේ ඔවුන්ට සහය වු රුසියන් සාමාජීකයින් හට වේ.
මෙහිදි තවත් අදහස් දැක්වු Igor Komarov ඔහු රුසියන් Roscosmos State Space Corporation හි අධ්යක්ෂ වන අතර ඔහු පැවසුවේ සියලු දෙනාම ඵක්ව සිදුකල මේ මෙහෙයුම මගින් නව තාක්ෂණික විසදුමි තුලින් ඉතා හොද ගවේෂණ වාර්ථා ගත හැකි බවයි.ඵනිසා Roscosmos State Space Corporation සහ ESA (European Space Agency) හි මේ මෙහෙවර සාර්ථක ලෙසම ඔවුන්ට විශ්වාස බවට ප්‍රකාශ කර ඇත.
මෙම අවස්ථවේදි ඕබිටර් යානය හා ලැන්ඩර් කොටස ඵක්ව අඟහරු බලා ගමන් කරන අතර පසුව ඔක්තෝමිබර් 16 වන දින අඟහරු හා යානාව අතර දුර කිලෝමීටර් 900 000 වේ.ඵහිදි ඕබිටර් යානයෙන් අඟහරු මත පතිත කරන ලැන්ඩර් කොටස ඉවත් වී ඵය අඟහරු වෙත ගමන් කරයි.
ගනනය කිරිමි අනුව ඔක්තෝම්බර් 19 ලැන්ඩරය අඟහරු හි ඉහල වායුගෝලයට ඇතුල් වේ.
පසුව ලැන්ඩරය අඟහරු මතට පතිත කරන අතර ලැන්ඩරය මගින් අඟහරුහි පරිසරය පිළිබදව ශවේෂණය කිරිම ආරමිබ වේ.මේ අතර එම දිනයේ දීම ඕබිටර් යානය ඉලිප්සාකරව දවස් හතරක් අඟහරුහි කක්ෂය වටා යන අතර ඵය කිලෝමිටර් 96 000 දුරක සිට කිලෝමීටර් 300ක් දක්වා අඟහරුට සමිප වේ.පසුව 2017 වසරේ යානය කෙමෙන් අඟහරු කක්ෂය වෙත කිලෝමිටර් 400ක් ලංන් වු පසු යානයේ aerobraking මගින් අඟහරු හි කක්ෂයේ සෙමින් ගමන් කරන අතර අඟහරු ඉහල වායු ගෝලයේ දුර්ලභ වායුන් පිළිබදව සොයා බලයි.
0 comments: