මීර් අජටාකාශ මධ්‍යස්ථානයේ තුබු ජීවය
සොයාගත් දිනය - 1998 ජනවාරි 15සොයාගත් ස්ථානය - මීර් අජටාකාශ මධ්‍යස්ථානය
“මීර්” යනු රුසියානු (කලින් සෝවියට්) භාෂාවෙන් “සාමය” හා “ලෝකය” යන තේරුම් දෙකම දෙන්නා වූ වදනකි. මීර් අජටාකාශ මධ්‍යස්ථානය යනු රුසියානුවන් විසින් ගුවන්ගත කරනා ලද අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයකි. එසේම එය නිරන්තර මනුෂ්‍ය වාසයකින් යුක්ත වූ දිගුකාලීන විද්‍යා පර්යේෂණ සිදුකළ හැකි පහසුකම්වලින් සමන්විත “තුන්වන පරම්පරාවේ” කක්ෂගත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙහි ඉදිකිරීම් වසර ගණනාවක් පුරාවට සිදු කෙරිණි.එනම් වසර දහයකට දින අටක් පමණක් අඩු වූ කාලයකි. අභ්‍යාවකාශයේ නොනැසී මනුෂ්‍ය වාසයක් පැවතුන දිගම කාලයට හිමි වාර්තාව ද මීර් සතුය. මීර් මධ්‍යස්ථානය සම්බන්ධ නොයෙකුත් හැල හැප්පීම්වලින් අනතුරුව එය ජාත්‍යන්තරව රුසියානු, ඇමරිකානු හා වෙනත් රටවල අභ්‍යවකාශගාමීන්ට පහසුකම් සැපයූ අන්තර්ජාතික මට්ටමේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් බවට පත් වුණි. මින් වැඩිපුරම අවධානයට පාත්‍ර වනුයේ “මීර් - ෂටල” වැඩසටහන යටතේ ඇමරිකානු අභ්‍යාවකාශ ගමන් වාර 11ක් මීර් අරබයා වෙන් කොට තැබීම වෙයි. මධ්‍යස්ථානයට සහ එහි රැදී සිටි අභ්‍යවකාශ ගාමීන්ට අවශ්‍ය දෑ සහ උපකරණ සැපයීම මේ ගමන් වාරවල අරමුණ විය. එසේම , අභ්‍යවකාශගාමීන්ගේ සේවා වාර මාරු කිරීම ද මෙම ගමන් වාරවල ප්‍රධාන අරමුණක් විය. මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහළ පෘථිවි කක්ෂයක දී 1986 සිට 1996 දක්වා අතර කාලයේ දී ගුවන්ගත කළ මොඩියුල එකලස් කොට ඉදිකරන ලදී.අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය 2001 මාර්තු 23 වන දින අවසන් කරනු ලැබූයේ පෘථිවි වායුගෝලය තුළින් එය වැටීමට සලස්වා දැමීමට ලක්කොට විනාශ කරනු ලැබීමෙනි. එය කොටස්වලට කැඩී දකුණු පැසිපික් සාගර කලාපයට පතිත විණි.
මේ තමා මීර් අජටාකාශ මධ්‍යස්ථානය කතාව.ජීවය කුමන ආකාරයකින් තිබුනත් ඵය අප විශ්වය තුල සෑම තැනකම තිබේ.මීර් අජටාකාශ මධ්‍යස්ථානයේ තිබු මේ ඇසට නොපෙනෙන ජීවයක් කෙමෙන් කෙමන් වාර්ධනය වී ඇත.මේ ආකාරයෙන්ම නාසා ආයතනයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙම ජීවින් සිටි බවට 2014 වසර තුල වාර්ථා කර ඇත.ඔවුන් සොයාගන්නවා අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිරු පැනල වල සිටින මේ මුහුදු ජලවාංග ජීවින්.ඉතින් මීර් අජටාකාශ මධ්‍යස්ථානයේ තමා මේ සිදුවිම වැඩි වශයෙන් සිදු වෙන්නේ. 1998 වසරේ මිර්හි ගගනගාමින් විසින් ඵහි පිටතින් හා ඇතුලතින් මේ ජිවින් සොයාගත්තා.මිර්හි Kvant-2 මොඩියුලය තුලින් නිදහසේ පා වෙන ජලය වැනි දෙයක් ඔවුන් සොයාගන්නවා.මෙම සොයාගත්ත ජලය බදු ද්‍රව්‍ය පාපන්දුවක් තරමි විශාල වී ඇත.මෙම ජලය පිරිසිදු නොවන අතර මෙම ජල බෝල දුබුරු සහ සුදු පැහැයෙන් යුක්ත විය.පසුව විශ්ලේෂණය සදහා මෙම සමිපල පෘථිවිය වෙත ගෙන ඵ්මක් සිදුකර ඇති ඵහිදි මෙම සාම්පල තුල බැක්ටීරියා දිලීර ප්රොටොසෝවන් දූවිලි මයිටාවන් අඩංගු වි ඇත.මෙම ක්ෂද්ර ජීවින් මිර්හි ජනෙල්. රබල් ගැස්කට්. අජටාකාශ ඇදුමි තුල. කේබල් හා සන්නිවේදන උපකරණ තුල වර්ධනය වි ඇත.මිර් ඇතහැර දැමිමට මෙය ඵක් හේතුවක් විය හැකිය.
මිර්හි වර්ධනය වු ක්ෂද්ර ජීවින් පිළිබදව මෙම විඩියෝව මගින් නැරබිය හැකිය.
0 comments: