Irazu ගිනිකන්ද අසලින් දිස්වු හදුනා නොගත් පියාසර වස්තුව
නිරික්ෂිත දිනය - 2016 පෙබරවාරිනිරික්ෂිත ස්ථානය - Irazu Volcano, Costa Rica
මූලාශ්රය - MUFON වාර්ථා #74756
මෙම හදුනා නොගත් යානාව පසුගිය මස Irazu ගිනිකන්ද අසලින් දැකගැනිමට හැකිවි ඇත.බොහෝ විට මෙම යානය පොළොව තුල භූගත කඳවුරක් තුල තිබි පිටව ගියා විය හැකිය.පිටසක්වළ ජීවින් විසින් බොහෝ විට තෝරා ගන්නේ ඉහළ කඳ මුදුන් සහ ගිනිකඳ සහිත ප්රදේශයන් වේ.ගිනිකඳ යොදා ගන්නවා යනුවෙන් පැවසීමට හේතු වුයේ වාර්ථා වු සිදුවිම් ගෙන බලන විට ගිනිකඳ අසල සිදුවූ සිදුවම් ප්රමාණය වැඩි අගයක් ගෙන තුබූ හෙයිනි.උදාහරණක් ලෙස මෙක්සිකෝ හි ගිනිකන්ඳ අසල වාර්ථා වු හදුනා නොගත් යානා ඵක් සාධකයකි.මිනිසුන්ගෙන් ඔවුන්ගේ ගවේෂණයන්ට අපහසුතා නොවන ආකාරයේ තැන් යොදාගනී.මෙම ජායාරූප ගත් පුත්ගලයා මෙම ගිනිකන්ද නැරබීමට ගිය අයෙකු වේ.ඵදින යහයපත් කාලගුණක් පැවති තිබුනු අතර හිරු ඵළිය හොදින් වැටි තිබුනි.මෙම ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 3400 පමණ විය.මෙම ගිනිකන්දේ ජායාරූප ගත් ඔහු පසුව තම නිවස වෙත පැමිනි පසු ගත් ජායාරූපයන් පරික්ෂා කිරිමෙදි කන්දට ඉහලින් කළු පැහැති රවුමි වස්තුවක් සටහන් වි ඇති ආකාරයක් දැක තිබේ.ජායාරූප තවත් හොදින් ලංකර බැලීමෙදි ඵහි කුඩා ඇන්ටනා දෙකක් දැකගැනීමට හැකි වි ඇත.ඵකක් මුදුනෙහි සවි වි ඇති ආකාරයක් හා අනෙක ඉදිරිපසින් සවි වි ඇති ආකාරයක්.ඵම අවස්ථාවේ ඔහු ජායාරූප වැඩි වශයෙන් ගත් ආකාරයක් සදහන් කරඇති අතර ඵක් පින්තුරයක මෙය සටහන් වී ඇත.ඵහි කාලය තත්පරයක් පමණ විය හැකිය.පසුව ගත් ජායාරූප තුල මෙය නොවිය.පසුව ඔහු මෙම සිදුවිම හදුනා නොගත් පියාසර වස්තුන් පිළිබදව වාර්ථා ඇතුලත් කරන MUFON අඩවිය වෙත ඇතුලත් කර ඇත.
0 comments: